ඉක්වදෝර කරැල්ලෙන් පසුව දහස් ගණන් රැඳවියන්ට සමාව


ඉක්වදෝරය මෙම සතිය මුලදී සිදු වූ දරුණුතම කැරැල්ල හේතුවෙන් සිරකරුවන් 118දෙනෙකු මියගොස් තවත් 79 දෙනෙකු තුවාල ලැබීමෙන් පසු එහි රැඳවුම් මධ්‍යස්ථානවල තදබදය අඩුකර ගැනීම සඳහා රැඳවියන් 2,000ක් දක්වා සමාව දීමට සැලසුම් කර තිබේ.

දකුණු ඇමරිකානු රාජ්‍යයේ පසුගිය අඟහරුවාදා සිදු ගැටුම් හේතුවෙන් උද්ගතවූ තත්ත්වයත් සමග, සිරගව සිටින වැඩිහිටියන්, කාන්තාවන් සහ ආබාධ සහිත සිරකරුවන් සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් ඔවුන් වැඩි පිරිසකට සමාව ලබාදීම රජයේ අරමුණ බව බන්ධනාගාර අධිකාරියේ අධ්‍යක්ෂවරයා පැවසීය.



Recommended Articles