ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් - මරණ රැසක්


ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කලාපයට බලපෑ රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 255ක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, භූමිකම්පාව පාකිස්තානය සමග රටේ දේශසීමාවට ආසන්නව පිහිටා ඇති ඛෝස්ට් නගරයට නිරිත දෙසින් කි.මී. 46ක් (සැතපුම් 28.5) පමණ දුරින් වාර්තා වී ඇත්තේ,  අද අලුයම් කාලයේදීය. එමෙන්ම, භූමිකම්පාව කි.මී. 10ක් (සැතපුම් 6.2 ක්) ගැඹුරින් අපිකේන්ද්‍රය වාර්තා වී ඇත.

පක්ටිකා පළාතේ බර්මාල්, සිරොක්, නිකා සහ ගියන් දිස්ත්‍රික්කවල තුවාල ලැබූවන් 500කට වැඩි බවද සඳහන් වන අතර, මෙම ගණන් තවම තහවුරු කර නැත.



Recommended Articles