ඇෆ්ගනිස්ථානයේ ගංවතුර නිසා පුද්ගලයන් 31ක් මරුට


මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ පර්වාන් පළාතේ හදිසි ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 31දෙනෙකු මිය ගොස් 17දෙනෙකු තුවාල ලබා තිබේ.

එමෙන්ම, මෙම ආපදා තත්ත්වය හේතුවෙත් තවත් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බව බක්තාර් පුවත් ඒජන්සිය වාර්තා කළේය.

2020 අගෝස්තු මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන වශයෙන් පර්වාන් පළාතෙන් 160කට වැඩි පිරිසක් මිය ගියහ.



Recommended Articles