ඇෆ්ගනිස්ථාන ෆාරා පළාත් අගනුවර තලේබාන් අල්ලයි


ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව එරට හමුදා අතින් ගිලිහෙමින් පවතින නිසා උතුරේ දස දහස් ගණන් ජනයා තම නිවෙස් අතහැර පලා යමින් සිටියදී, සතියකට අඩු කාලයක් බටහිර ඇෆ්ගනිස්ථානයේ ෆාරා පළාතේ අගනුවර සම්පූර්ණයෙන් සිය පාලනයට නතුවන බව තලේබාන් සංවිධානය නිවේදනය කරයි.

එම පළාතේ දේශපාලඥයෙකු වාර්තාකරුවන්ට පැවසුවේ කැරලිකරුවන් ෆාරා නගරය අල්ලාගෙන ඇති අතර, පළාත් පොලිස් මූලස්ථානයේ සහ ආණ්ඩුකාර කාර්යාලයේ ගේට්ටු අසල තලේබාන් සටන්කරුවන් සැහැල්ලුවෙන් ගමන් කරමින් සිටින බවයි.

ෆාරා ප්‍රාදේශිය සභාවේ සාමාජිකාවක් වන ෂහලා අබුබර් පැවසුවේ ප්‍රාදේශීය ආරක්‍ෂක හමුදාව නගරයෙන් පිටත පිහිටි හමුදා කඳවුරක් වෙත පසු බැස ගිය බවයි.

සිකුරාදා සිට කඩා වැටී ඇති අනෙකුත් පළාත් අගනගර 5ක්ම උතුරේ පිහිටා ඇති අතර කැරලිකරුවන් ඔවුන්ගේ කලාපයේ විශාලතම නගරය වන මැසාර්-ඉ-ෂරීෆ් වෙත සිය අවධානය යොමුකර තිබේ. එහි වැටීම සම්ප්‍රදායිකව තලේබාන් විරෝධී උතුරේ රජයේ පාලනය මුළුමනින්ම බිඳවැටීම පෙන්නුම් කරන බව සඳහන් වේ.



Recommended Articles