ඇෆ්ගනිස්ථාන සංහිඳියාව සඳහා වූ විශේෂ නියෝජිත සල්මේ කලීල්සාඩ් සිය ධුරයෙන් ඉවත් වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පියවර ගෙන ඇත්තේ අවුල්සහගත ලෙස එක්සත් ජනපදය එරටින් ඉවත් වී පසුව තලේබාන් සංවිධානය රටේ බලය අල්ලා ගැනීමෙන් මාස දෙකකටත් අඩු කාලයකිනි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද අවශ්‍යතා මත කලිල්සාඩ් වෙනුවට ඔහුගේ නියෝජ්‍ය ටොම් වෙස්ට් පත් කරනු ඇති බවයි.
එසේම දොහා කටාර් හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සමග ඔහු සමීපව කටයුතු කරනු ඇති බවද පැවසීය.