ඇෆ්ගනිස්තානයේ රන් පතලක් කඩා වැටීමෙන් 30ක් මරු දකිති


ඊසානදිග ඇෆ්ගනිස්තානයේ, රත්‍රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 30 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

බඩාක්ෂාන් පළාතේ, කොහිස්ටාන් දිස්ත්‍රික්කයේ රත්‍රන් පතළක මෙම අනතුර සිදුව ඇති අතර, මීටර් 60ක් පමණ ගැඹුරෙහි මෙම පතල කඩා වැටී ඇති බව කියයි.

ඇෆ්ගනිස්ථානය තුළ විවිධ වටිනා ඛනිජ ද්‍රව්‍ය පවතින අතර, එරට මෙවැනි පතල් කර්මාන්ත නිසි ප්‍රමිතියකින් හා ආරක්ෂාවකින් තොරව සිදුකරන නිසා මෙවැනි අනතුරු බහුලව සිදුවන බව සඳහන් වෙයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එක්ස්කැවේටර් යන්ත්‍රයක් ආධාරයෙන් කැනීමක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් බලධාරීහු පවසති.



Recommended Articles