ඇෆ්ගනිස්තානයේ මගී ගුවන් යානයක් අනතුරට පත්වෙලා


මගී ගුවන් යානයක් නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී අනතුරට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඝාස්නි පළාතේ ඩෙහ් යාක් දිස්ත්‍රික්කයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙය කාබුල් නුවරට වයඹදිගින් පිහිටි ප්‍රදේශයක් බව පළාත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, යානය කඩා වැටීමෙන් පසුව ගිනිගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙය අරියානා ගුවන් සේවයට අයත් යානයක් බව මුලින් සඳහන් කෙරුණත්, පසුව අදාළ ගුවන් සමාගම එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කෙසේ වෙතත් යානයේ කොපමණ පිරිසක් ගමන් කළේද, අනතුරින් කොපමණ ජීවිත හානි සිදුවී ඇතිද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා නොවෙයි.



Recommended Articles