ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තයන්ට වඩා රජය-නේටෝ මනුෂ්‍ය ඝතන කරලා


ඇෆ්ගනිස්තාන රජයේ හමුදා සහ ඊට පක්ෂපාතී නේටෝ සංවිධානය ඇතුළු සියලු කණ්ඩායම් එරට තුළ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධානවලට වඩා 2019 වසරේ මේ දක්වා සිවිල් ඝාතන සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කරයි.

තලේබාන් සංවිධානයට එරෙහිව එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කර ඇති විවාදයට තුඩුදුන් ගුවන් ප්‍රහාර මාලාවත් සමග පසුගිය ජනවාරි සිට ජුනි මස දක්වා වූ මෙම අගයන් ප්‍රකාශයට පත්කොට තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව, මෙම කාලය තුළ ඇෆ්ගන් හමුදා ඇතුළු ඔවුන්ට පක්ෂපාතී නේටෝ සංවිධානය සහ සෙසු කණ්ඩායම් විසින් සිදුකළ ප්‍රහාරයන්ගෙන් සිවිල් පුද්ගලයන් 717ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේ වෙතත්, එරට ත්‍රස්ත සංවිධාන සිදුකළ පහරදීම්වලින් මෙම කාල පරිච්ඡේදය තුළ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිවිල් පුද්ගලයන් 531ක් පමණි.

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු හමුදා ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් වොෂිංටනය සහ තලේබාන් සංවිධානය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම නිවේදනය ප්‍රකාශයට පත්වීමද තවත් විශේෂත්වයකි.



Recommended Articles