ඇෆ්ගනිස්තාන මහ මැතිවරණය ඉලක්ක කරමින් බෝම්බ පිපිරීම්


ඇෆ්ගනිස්තාන මහ මැතිවරණය ආරම්භ වීමත් සමග ඡන්ද දායකයන් ඉලක්ක කරමින් බෝම්බ පිපිරීම් කිහිපයක්ම රට පුරා වාර්තා වී තිබේ.

එහිදී, පිපිරීම් කිහිපයක් ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරමින් පිපිරී ගොස් ඇති අතර, මේ හේතුවෙන් පුද්ගල මරණ රැසක් සිදුව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සෙනසුරාදා පැවති ඡන්දය අතරතුර පැවති මෙම ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඉරිදා දිනයේදීද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබුණි.

මේ අතර, මැතිවරණය සඳහා මුල්වරට හඳුන්වා දුන් ජෛවමිතික හඳුනා ගැනීමේ පද්ධතිය හරහා තාක්ෂණික ප්‍රශ්න කිහිපයක්ද මැතිවරණය අතරතුර ඇතිවී තිබුණි.



Recommended Articles