2017 වසරේදී ඇෆ්ගන් ජාතිකයන් 1,800ක් සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බවත්, ඉන් 1,400ක්ම කාන්තාවන් බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම උත්සාහයන් අතරින් පුද්ගලයන් 35 දෙනෙකු සියදිවි හානිකරගෙන ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම, මෙය පෙර වසරට සාපේක්ෂව දෙගුණයක පමණ ඉහළ යෑමක් බවද ඇෆ්ගන් සෞඛ්‍ය බලධාරීහු පවසති.
ගෝලීය වශයෙන් මෙම තත්ත්වය සලකා බැලීමේදී සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරන්නන් අතර බහුතරය පුරුෂ පක්ෂය වුවත්, ඇෆ්ගනිස්තානය තුළ මෙය ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් දැකිය හැකි වන්නේ එරට සිදුවන මෙවැනි උත්සාහයන් අතර 80%ක්ම කාන්තාවන් වන නිසාය.
ඇෆ්ගනිස්තානය තුළ කාන්තාව මුහුණදෙන බලහත්කාර විවාහ ඇතුළු බොහෝ සමාජ කාරණා මේ තත්ත්වයට හේතු වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.