ඇෆ්ගන් සුළුතර සික් ප්‍රජාව ඉලක්ක කර IS ප්‍රහාරයක් 19ක් ජීවිතක්ෂයට


නැගෙනහිර අෆ්ගනිස්තානයේ ජලාලාබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පිරිසෙන් වැඩි දෙනා සුළුතර සික් ප්‍රජාවේ ජනතාව බවත්,  නන්ගර්හාර් පළාතේ සිට පැමිණි මෙම පිරිස ජනපති අෂ්රෆ් ඝානි හමුවීම සඳහා යමින් සිටියදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී ඇති බවත් කියැවෙයි.

ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් භාරගෙන ඇත.

එලැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන සික් ප්‍රජාව නියෝජනය කරන එකම අපේක්ෂකයාද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයට පැය දෙකකට පෙර ජනපති අෂ්රෆ් ඝානි ජලාලාබාද් ප්‍රදේශයේ රෝහලක් විවෘත කර පිටව යෑමෙන් පසුව මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වීමද විශේෂත්වයකි.

කාබුල් නගරයේ වූ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම බියගුළු ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුලෙන් හෙළා දැක තිබේ.



Recommended Articles