විදේශයන්හි තබා ඇති ඇෆ්ගනිස්ථාන මහ බැංකු සංචිතවලින් ඩොලර් බිලියන ගණනක් භාරකාර අරමුදලකට මුදා හැරීම සඳහා එක්සත් ජනපදය සහ තලේබාන් නිලධාරීන් යෝජනා හුවමාරු කර ගෙන ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
පරස්පරතා මධ්‍යයේ පවා මෙය ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන අතර, එහිදී එරට මහ බැංකුවේ උසස් නිලයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් තලේබාන් පාලනය විරුද්ධ වී ඇති බව කියයි. ඔවුන්ගෙන් එක් අයෙකු එක්සත් ජනපද සම්බාධකවලටද යටත් වූවෙකි.
කෙසේ වෙතත්, තලේබාන්වරුන් භාර අරමුදලක් පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප නොකරන නමුත්, මේ සඳහා තෙවැනි පර්ශ්වයක්ද අතපෙවීමේ එක්සත් ජනපද යෝජනාවට තලේබාන්වරු විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.