චීනයේ අවශ්‍යතා මත පදනම්ව ඇෆ්ගනිස්තානයට වඩාත් කාලෝචිත සහාය ලබා දීමට චීනය සූදානම් බවත්, මෑත කාලීන භූමිකම්පා ව්‍යසනයෙන් මිදීමටත් හැකි ඉක්මනින් නිවාස නැවත ගොඩනඟා ගනිමින්, රට එක්සත්ව සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඇෆ්ගන් අන්තර්වාර රජයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි සමග පැවති දුරකථන සංවාදයකදී බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
වැන්ග් නැවතත් භූමිකම්පාව සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයට ශෝකය ප්‍රකාශ කළ අතර, මිත්‍ර අසල්වැසියෙකු සහ අවංක මිතුරෙකු ලෙස චීනය දුෂ්කර අවස්ථාවක ඇෆ්ගනිස්ථාන ජනතාව සමග රැඳෙමින් කටයුතු කරන කරන බව පැවසීය.
මධ්‍යම සහ ප්‍රාදේශීය ආණ්ඩුවල සිට සමාජ සංවිධාන සහ ව්‍යවසායන් දක්වා චීනයේ විවිධ ආයතන විසින් ඇෆ්ගනිස්ථානයට හදිසි මානුෂීය ආධාර ලබා දීමට සහ ඇෆ්ගන් ජනතාවට උපකාර කිරීමට තවදුරටත් වැඩ කරමින් ඇති බව ඔහු පැවසීය.
වැන්ග්ට අනුව, පළමු කණ්ඩායම කූඩාරම්, බ්ලැන්කට් සහ අනෙකුත් සැපයුම් විශේෂ ගුවන් යානා මගින් ලබා දෙන අතර මුදල් සහ අනෙකුත් සහන සැපයුම් හැකි ඉක්මනින් ඇෆ්ගනිස්ථානය වෙත ලබාදෙන බව සඳහන් කළේය.