ඇෆ්ගන් විජයග්‍රාහී දිනය අගෝස්තු 15දාට යෙදෙයි


ඇෆ්ගනිස්තානයේ භාරකාර ආණ්ඩුව විසින් කාබුල් නගරයේ බලය සියතට ගත් අගෝස්තු 15දා එරට විජයග්‍රාහී දිනය ලෙස නම් කරමින් ප්‍රකාශයට පත්කර තිබේ.

යුද්ධය නිසා පීඩාවට පත්ව සිටි ඇෆ්ගනිස්ථානය ඇමෙරිකානු සහ එහි මිත්‍ර හමුදාවන්ගෙන් බේරාගත් ශුද්ධ වූ යුද්ධයේ ඇෆ්ගනිස්තාන ජනතාව ලැබූ විජයග්‍රහණය අගෝස්තු 15දා බව වත්මන් රජයේ කම්කරු සහ සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක ඇරඹුම ලෙස 2001 වසරේදී ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය.



Recommended Articles