ඇෆ්ගන් වත්කම් නිදහස් කරනු - ඇමෙරිකාවට කෙරෙන ඉල්ලීම


ඇෆ්ගනිස්ථානයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි එක්සත් ජනපද රජය විසින් අත්හිටුවා ඇති ඇෆ්ගනිස්ථානයේ මහ බැංකු වත්කම් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඇෆ්ගනිස්තානය සහ එක්සත් ජනපදය තවදුරටත් සෘජු ගැටුමක නොසිටින අතර ජනතාවගේ "මූලික අභියෝගය" "මූල්‍ය ආරක්‍ෂාව" බව මුටාකි ලිපියක සඳහන් කර ඇත.

අගෝස්තු මස මැදදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමෙන් පසුව සහ සැප්තැම්බර් 7දා භාරකාර ආණ්ඩුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, එක්සත් ජනපදය විසින් එක්සත් ජනපද බැංකුවල ඇෆ්ගන් වත්කම් අත්හිටුවා ඇත. වොෂින්ටනය ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී කණ්ඩායම් පවතින බව ප්‍රකාශ කරමින් ඇෆ්ගන් මහ බැංකුවේ ඩොලර් බිලියන 9.5ක වත්කම් අත්හිටුවා ඇති බව වාර්තා වේ.



Recommended Articles