ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් පළාතේ ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ මාරක මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය භාරගෙන තිබේ.
ඇෆ්ගනිස්ථානයේ රජයේ ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, මෙම ප්‍රහාරයෙන් මුස්ලිම් පල්ලිය තුළ සිට පුද්ගලයන් 46දෙනෙකු මියගොස් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව තවත් වාර්තා පෙන්වා දෙයි.
"කුන්දුස් නගරයේ ඛාන් අබාද් ප්‍රදේශයේදී අපරාධයක් සිදු වී තිබෙනවා" යනුවෙන් තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පැවසීය.
"සිකුරාදා යාඥාවේදී ෂියා මුස්ලිම්වරුන්ගේ මුස්ලිම් පල්ලියක පිපිරීමක් සිදුවුණා. යාඥාවේදී එල්ල වූ ප්‍රහාරයෙන් මිනිසුන් ගණනාවක් මිය ගොස් තුවාල ලබා තිබෙනවා" මුජහිඩ් වැඩිදුරටත් පවසා සිටියේ තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරය දැඩිලෙස හෙළා දකින බවයි.