ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන ට්‍රොයිකා ප්ලස් රැස්වීම සඳහා පාකිස්තානය විසින් චීනය, එක්සත් ජනපදය සහ රුසියාවේ විශේෂ නියෝජිතයන්ට සත්කාරකත්වය ලබා දුන් බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසයි.
නියෝජිතයින් පසුව තලේබාන් අන්තර්වාර විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි හමුවීමටද අපේක්ෂා කරයි.
ඇෆ්ගනිස්ථානය "ආර්ථික කඩාවැටීමේ අද්දර" සිටින බවත්, ජාත්‍යන්තර ප්‍රජාව කඩිනමින් අරමුදල් නැවත ආරම්භ කර මානුෂීය ආධාර ලබාදිය යුතු බවත් පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහ්මුද් කුරේෂි පැවසීය.
රැස්වීම ආරම්භයේදී කතා කරමින්, කුරේෂි අනතුරු ඇඟවූයේ, තවදුරටත් ආර්ථිකය පහත වැටීමක්, රට පාලනය කිරීමට නව තලේබාන් ආන්ඩුවට ඇති හැකියාව දැඩි ලෙස සීමා කරනු ඇති බවයි.
එබැවින්, ජාත්‍යන්තර ප්‍රජාවට හදිසි පදනමක් මත මානුෂීය ආධාර සැපයීම අත්‍යවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.