ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්රදේශයේදී මිනිත්තු කිහිපයක් අතරතුර සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 9දෙනෙකු මියගොස්, තවත් 13දෙනෙකු තුවාල ලබා තිබේ.
බ්රහස්පතින්දා පිපිරීම් බල්ක් පළාතේ අගනුවර වන මසාර්-ඉ-ෂරීෆ් හි වාහන දෙකක් ඉලක්ක කරගෙන ඇත. ප්රහාරයට ගොදුරු වූවන් රාමසාන් උපවාසය අත්හැරීම සඳහා නිවෙස් බලා යමින් සිටි බව තලේබාන් සංවිධානය විසින් පත් කරන ලද පොලිස් ප්රධානියාගේ ප්රකාශක මොහොමඩ් අසීෆ් වසිරි පැවසීය.
කෙසේ වෙතත්, මෙම ප්රහාර ද්විත්වයේ වගකීම මේ වනවිට ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ.