උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 10දෙනෙකු මිය ගොස් ඇති බව පාලක තලේබාන් පාලනය පවසයි.
සමන්ගන් පළාතේ අයබක් ප්‍රදේශයේ මෙම පිපිරීම සිදුව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසා ඇත.
එහෙත් මියගිය සංඛ්‍යාව තවම අවිනිශ්චිතව පැවතුණත්, රෝහල් බලධාරීන් AFP පුවත් ඒජන්සියට පැවසුවේ පිපිරීමෙන් 16 දෙනෙකු මිය ගිය බවයි.
ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.
මිනිසුන් සභා යාඥාවෙන් පිටව යමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පැවසෙන අතර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් පාසලේ සිසුන් බවයි.
“ඔවුන් සියල්ලෝම කුඩා දරුවන් සහ සාමාන්‍ය මිනිසුන්” එක් වෛද්‍යවරයකු උපුටා දක්වමින් AFP වාර්තා කළේය.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්දුල් නෆී ටක්කුර් පැවසුවේ තලේබාන් ආරක්ෂක අංශ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර, "අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ක්‍රියාවන්ට දඬුවම් කරන" බවය.
පසුගිය වසරේ තලෙයිබාන් සංවිධානය බලය අල්ලා ගත්දා සිට ඇෆ්ගනිස්තානය පිපිරීම් රැසක් සිදුව ඇති අතර, බොහෝ දුරට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ප්‍රාදේශීය ශාඛා විසින් ඒවායෙහි වගකීම භාරගන්නා ලදී.