ඇෆ්ගන් ප්‍රහාරයකින් ඇමෙරිකානු හා එරට සෙබලු තිදෙනෙක් මරුට


නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාවේ දෙදෙනෙකු සහ ඇෆ්ගනිස්ථාන සොල්දාදුවෙකු මිය ගොස් තිබේ.

සෙනසුරාදා නන්ගාර්හාර් පළාතේ සිදුවූ මෙම ප්‍රහාරයෙන් තවත් නවදෙනෙකු තුවාල ලබා තිබේ.

“ඇෆ්ගනිස්ථාන නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් එක්සත් ජනපද හා ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට මැෂින් තුවක්කුවකින් වෙඩි තැබූ බව වාර්තාවල දැක්වෙනවා” එක්සත් ජනපද හමුදා ප්‍රකාශක කර්නල් සොනී ලෙගට් පැවසීය.

2001 දී තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානයෙන් නෙරපා හැරීමට එක්සත් ජනපද මැදිහත්වීමෙන් පසුව එක්සත් ජනපද හමුදා 13,000ක් පමණ තවමත් එරට රැඳී සිටිති.

"අපි තවමත් තොරතුරු රැස්කරමින් සිටිනවා. කෙසේ වෙතත් ප්‍රහාරයට හේතුව හෝ චේතනාව තවමත් අනාවරණය වී නැහැ" කර්ල් ලෙගට් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම ගැටුමේදී වෙඩි තැබූ ප්‍රහාරකයාද ජීවිතක්ෂයට පත්ව ඇති බව නන්ගාර්හාර්හි දේශපාලඥයෙකු වූ සොහ්රාබ් කදෙරි රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ නන්ගාර්හාර් හි එක්සත් ජනපද කණ්ඩායම සමඟ එරට නියෝජිත පිරිසක් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි.



Recommended Articles