ඇෆ්ගන් උප ජනපිත අපේක්ෂක කාර්යාලයට ම්ලේච්ඡ ප්‍රහාරයක්


ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන අමුරුල්ලාහ් සාලේහ්ගේ කාබුල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂය ටපත්ව තිබේ.

එරට අගනුවර පැවති මෙම කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇෆ්ගනිස්තානයේ මීළඟ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර ඇරඹුණු පළමු වැනි දිනයේදීම මෙම ප්‍රහාරය එල්ල වීමද විශේෂත්වයකි.

මෙම ප්‍රහාරයෙන් සලේහ් සුළු තුවාල ලබා ඇති අතර, ඔහු වත්මන් ජනපතිවරයා සමග උප ජනාධිපති ධුරයට තරග කරන අපේක්ෂකයාය.

කාර්යාලය ඉදිරිපිටදී පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු විසින් පුපුරුවා හැර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

ඉන් අනතුරුව තවත් ප්‍රහාරකයන් පිරිසක් කාර්යාලය තුළට කඩා වැදී ප්‍රහාරයක් දියත් කර ඇති අතර, ඔවුන් පැය හයක පමණ මෙහෙයුමකින් පසු මෙල්ල කරගෙන තිබේ.



Recommended Articles