ඇස්ට්‍රාසෙනෙකා සති 12ක පරතරය වඩාත් හොඳයිලු


ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත පිළිබඳ සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව එහි දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද කිරීමට එක්සත් රාජධානියේ රජය ගත් තීරණයට සහාය ලබා දී තිබේ.

ඒ අනුව සති 12ක් හෝ ඊට වැඩි කාල පරාසයක් තුළ ලබා දුන් සම්මත මාත්‍රා දෙකකින් පසුව එන්නතෙහි කාර්යක්ෂමතාව 81.3%ක් බවත්, සති හයකට වඩා අඩු පරාසයක් තුළ ලබා දුන් විට මෙය 55.1%ක් බව අධ්‍යයන දත්ත පෙන්වා දී ඇත.

වයස අවුරුදු 55 ට අඩු සහභාගිවන්නන්ගේ ප්‍රතිශක්තිකරණ අධ්‍යයනයන් මගින් පෙන්වා ඇත්තේ, සති හයකට වඩා අඩු කාල පරතරයක් ඇති අයට වඩා අවම වශයෙන් සති 12 ක මාත්‍රා පරතරයක් ඇති අයගෙන් ප්‍රතිදේහ ප්‍රතිචාර දෙගුණයකටත් වඩා වැඩි බවය.

ඒ අනුව එන්නත් මාත්‍රා පරතරය සති 12 දක්වා දීර්ඝ කිරීමේ එක්සත් රාජධානියේ ප්‍රතිපත්තියට සහ ලොව පුරා වේගවත් මහජන ප්‍රතිශක්තිකරණ ව්‍යාපාර සඳහා එය බෙහෙවින් අවශ්‍ය සාක්ෂි සපයා ඇති බව කියැවෙයි.



Recommended Articles