ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු කොරියානු ජනපතිට


දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් (අවු.68) සහ ඔහුගේ බිරිඳ කිම් ජුන්ග්-සූක් (අවු.66) යන දෙදෙනාට ඊයේ (23දා) ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත ලබාදුන් බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ලබන ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට මූන් සැලසුම් කර සිටින අතර, මෙම රැස්වීමට සහභාගී වන තවත් නිලධාරීන් නව දෙනෙකුටද එන්නත ලබා දෙන ලදී.

දකුණු කොරියාව විසින් අඟහරුවාදා සිට වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුරවැසියන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම ආරම්භ කරන ලදී.



Recommended Articles