ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් යන සමාගම් විසින් නිපදවන ලද COVID-19 එන්නත්, වෛරසයේ ප්‍රථම වරට ඉන්දියාවේදී හඳුනාගත් ඩෙල්ටා සහ කප්පා ප්රභේදයන්ට එරෙහිව වඩාත් ඵලදායී බව විද්‍යාත්මක අධ්‍යයනයක් නිගමනය කර තිබේ.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින්, මාත්‍රා දෙකකින් යුත් එන්නත් ලබා දුන් පුද්ගලයින්ගෙන් රුධිරයේ ප්‍රතිදේහ ඇතිවීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ අතර, අධික ලෙස බෝවන ඩෙල්ටා සහ කප්පා ප්‍රභේද උදාසීන කිරීමට ඒවාට හැකි බව තීරණය කෙරුණි.
"වර්තමාන පරම්පරාවේ එන්නත් මගින් B.1.617 පරම්පරාවට එරෙහිව පුළුල් ලෙස ආරක්ෂාව සපයනු ඇති බවට දැනට බොහෝ සාක්ෂි හමු වන්නේ නැහැ" ඩෙල්ටා සහ කප්පා ප්රභේදයන් බහුලව භාවිත වන කේතය ගැන සඳහන් කරමින් වැඩිදුරටත් දක්වා තිබුණි.