ඇස්ට්‍රා. දෙවැනි මාත්‍රාව මාස 10ක ප්‍රමාදයද ගැටලුවක් නෑ?


ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත මාත්‍රාව අතර මාස 10ක පමණ පරතරයක් තැබීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නංවන බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත සැලසුම් කළ කණ්ඩායම විසින් කරනලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

පළමු වැනි හා දෙවැනි මාත්‍රාවන් අතර සති 45ක පරතරයක් මගින්, ප්‍රතිශක්තිය අඩපණ කරනවාට වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයකට හේතු වූ බව අධ්‍යයනය තුළදී සොයාගත් බව එහි සඳහන්ය.

එමෙන්ම දෙවැනි මාත්‍රාවෙන් මාස 6කට වඩා ගතවීමෙන්, තවත් තුන්වැනි මාත්‍රාවක් ලබා දීමෙන් ප්‍රතිදේහවල සැලකිය යුතු වැඩි වීමක් ඇති වූ බවත්, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර සඳහා එමගින් ශක්තිමත් තල්ලුවක් ලැබුණු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

අත්හදා බැලීමේ ප්‍රතිඵලවල පෙර මුද්‍රිත අධ්‍යයනයකදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර, එයින් අදහස් කරන්නේ ඒවා තවමත් සම-සමාලෝචනය කර නොමැති බව යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඔක්ස්ෆර්ඩ් එන්නත් අත්හදා බැලීම් පිළිබඳ ප්‍රධාන විමර්ශකයා වන ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ මෙම ප්‍රතිඵලය එන්නත් අඩු සැපයුමක් ඇති රටවලට, ඔවුන්ගේ ජනගහනයට දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම ගැන සැලකිලිමත් විය හැකි අයට යම් සහතිකයක් දිය හැකි ප්‍රතිඵලයක් බවයි.

"පළමු වැනි මාත්‍රාවෙන් මාස 10ක ප්‍රමාදයකින් පසුව වුවද දෙවැනි මාත්‍රාවකට විශිෂ්ට ප්‍රතිචාරයක් පවතිනවා" ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles