ඇල්බේනියා නව ජනපති දේශපාලන එකමුතුව ඉල්ලයි


ඇල්බේනියාවේ නව ජනාධිපති බජ්රම් බෙගාජ් රටේ අනාගතය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසත් එරට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා තිබේ.

ඉරිදා දිවුරුම් දීමෙන් පසු ජනාධිපති ලෙස ඔහුගේ පළමු වැනි දේශනයේදී, බෙගාජ් කියා සිටියේ, තමන් ආණ්ඩුවට සහ විපක්ෂයට සහාය සහ ගරු කරන බවත්, ගැටුම් වෙනුවට සහයෝගීතාවය ඉල්ලා සිටින බවත්ය.

"අපේ ජාතික අවශ්‍යතාවලට වඩා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන කිසිවෙකු වෙනුවෙන් මා මධ්‍යස්ථ වන්නේ නෑ " යැයි එරට හිටපු ආරක්ෂක ප්‍රධානියෙකු වන වත්මන් ජනපති පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදී වැඩ භාර ගනිමින් පැවසීය.

"අපේ ජාතියේ ජීව ගුණය සහතික කිරීම සඳහා වෙන කවරදාටත් වඩා එකමුතුකම අවශ්‍ය වෙනවා. අපි සැවොම එක්ව අපගේ ඇල්බේනියාව ඊටත් වඩා ලස්සන කරමු." බෙගාජ් සඳහන් කළේය.



Recommended Articles