ඇල්බනීස් ඔස්ට්‍රේලියානු අගමැති ධුරයට තේරෙයි


ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණයෙන් වත්මන් අගමැති ස්කොට් මොරිසන් පරාජය පිළිගැනීමෙන් පසු ඇන්තනි ඇල්බනීස් සිය කම්කරු පක්ෂයට ජයග්‍රහණය ප්‍රකාශ කළේය.

මැතිවරණ ප්‍රතිඵලය මගින් ලිබරල්-ජාතික සභාගය වසර නවයකට ආසන්න කාලයක් බලය අල්ලා ගැනීම අවසන් කරන අතර, ඇල්බනීස් ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති වීමට නියමිතය.

"මම මගේ සහෝදර ඔස්ට්‍රේලියානුවන්ට කියනවා, මෙම අසාමාන්‍ය ගෞරවයට ඔබට ස්තූතියි. අද රාත්‍රියේ ඔස්ට්‍රේලියානු ජනතාව වෙනසක් සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා" ඔහු ආධාරකරුවන් අමතමින් පැවසීය.

කම්කරු නායකයා කියා සිටියේ තමාට රට එක්සත් කිරීමට සහ දේශගුණික යුද්ධ අවසන් කිරීමට අවශ්‍ය බවය.

"මම හිතන්නේ මිනිස්සුන් එකතු වෙන්න අවශ්‍යයි, අපේ පොදු අවශ්‍යතා හොයන්න. ඒ පොදු අරමුණ ගැන බලන්න. මම හිතන්නේ මිනිස්සුන්ට බෙදීමක් ඇතිවී තිබෙනවා, ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ජාතියක් ලෙස එකතුවීමයි. මම ඊට නායකත්වය දෙන්න අදහස් කරනවා." ඔහු පැවසීය.



Recommended Articles