ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්රාන්තයේ කුඩා නගරයක නව යොවුන් වියේ දැරියකගේ උපන්දින සාදයක් අතර සිදුවූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු තවමත් නිදැල්ලේ පසුවන බව විදෙස් වාර්තා පවසයි.
සෙනසුරාදා රාත්රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුවූ අතර, මින් පුද්ගලයන් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28දෙනෙකු තුවාල ලැබීය.
ප්රාන්තයේ ආරක්ෂක අංශ විසින් ප්රහාරකයා හඳුනා ගැනීමක් හෝ ඔහු අත්අඩංගුවට ගැනීමක් ගැන තවමත් මුනිවත රකිමින් සිටියත්, පළාතේ ආරක්ෂාව තහවුරු කර ඇති බව පමණක් පවසා සිටී.
ඩේඩ්විලේ නමැති කුඩා නගරයේදී ඊයේ රාත්රී 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, මෙම නගරය 3,200කට ආසන්න ජනගහණයක් ජීවත් වන නගරයකි. මෙම ප්රහාරයට ගොදුරු වූ බහුතරය නව යොවුන් වියේ පසුවූවන් බව සඳහන් වෙයි.