මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියත් සමග එරට සංචාරය කිරීමේදී අවදානමක් පවතින බවට චීනය එරට වැසියන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
එක්සත් ජනපදය සහ චීනය අතර මෑතකදී ඇතිවී තිබෙන මතභේදකාරී තත්ත්වයේ තවත් උත්සන්න අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.
එමෙන්ම, චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන් විසින් විවිධ ප්‍රශ්න කිරීම් හමුවේ චීන ජාතිකයන්ට ඇමෙරිකාව තුළ හිරිහැර කරන බවයි.
වෙළෙඳාම සම්බන්ධයෙන් දෙරට අතර මෙම ගැටුම උත්සන්න වූයේ වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව වෙළෙඳ යුද්ධයක් ප්‍රකාශ කිරීමත් සමගිනි.
විශේෂයෙන්ම චීනයේ ප්‍රබල තාක්ෂණික සමාගමක් වන හුවාවේ සමාගම වෙත ඇමෙරිකානු සම්බාධක පැනවීම මෙම වෙළෙඳ යුද්ධයේ උච්චතම අවස්ථාවක් විය.
මෙම නවතම අනතුරු ඇඟවීම සමග චීන සංස්කාතික හා සංචාරක අමාත්‍යාංශය චීන ජාතිකයන්ට පෙන්වා දෙන්නේ නිරන්තර වෙඩි තැබීම්, මංකොල්ලකෑම් සහ සොරාගැනීම් එක්සත් ජනපදය තුළ සිදුවන නිසා එහි සංචාරය කිරීමට පෙර මෙම අවදානම පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසයි.