ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයේ සංචාරකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටේබල් රොක් විල නැරඹීම සඳහා සංචාරකයන් රැගෙන යමින් සිටි මෙම බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 31 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව කියයි.
එම අවස්ථාවේ පැවති අයහපත් කාලගුණය මෙම අනතුරට හේතුව බව විශ්වාස කරන අතර, පුද්ගලයන් 7 දෙනෙකු රෝහල්ගත කර තිබුණත්, තවත් පිරිසක් අතුරුදන්ව සිටින බවද කලින් පැවසුණි.
ඒ අනුව, විශේෂ කිමිදුම් කණ්ඩායම් යොදවා අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සිදුකළ බවද පොලීසිය පැවසූ අතර, රෝහල්ගත කරවූවන්ගෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා සිටි බවද සඳහන් කර තිබුණි.
මෙම අනතුරින් සංචාරක බෝට්ටුවේ කපිතාන්වරයා බේරී තිබුණත්, එය පැදවූ තැනැත්තා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
අති ප්‍රබල වර්ෂාවක් සමග සුළං තත්ත්වයක් පැවතින බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති අවස්ථාවේ පවා මෙම බෝට්ටු රැගෙන යාම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුවෙයි.