ඇමෙරිකාවේ විවෘත වෙඩි තැබීමකින් මරණ රැසක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ මොන්ටෙරේ පාර්ක් හි සෙනසුරාදා අගභාගයේදී සිදුවූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 9දෙනෙකු මිය ගිය බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව පවසයි.

සැකකරු පිරිමි අයෙකු බව දෙපාර්තුමේන්තුව පවසන නමුත් ඔහු තවමත් නිදැල්ලේ සිටින්නේද යන්න පැහැදිලි නැත.

වෙඩි තැබීම සිදුව ඇත්තේ රාත්‍රී 10.00න් පසුවය. මොන්ටෙරේ පාක් හි පැවති චීන චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයක් පැවති ස්ථානය අවට මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

මොන්ටෙරේ පාර්ක් යනු ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලීස් නගරයේ සිට සැතපුම් හතක් පමණ දුරින් පිහිටි නගරයක් වන අතර එය වාර්ගික ආසියානුවන් විශාල සංඛ්‍යාවක් වාසය කරන නගරයකි.

දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවති චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයකින් පැයකට පසු නර්තනාංගයක් පැවති ස්ථානයක වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.



Recommended Articles