ඇමෙරිකාවේ විවෘත වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට


එක්සත් ජනපදයේ උතුරු මේරිලන්ඩ් හි නිෂ්පාදන කම්හලකට ඇතුළු වූ තුවක්කුකරුවෙකු සිදුකළ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් සිව්වැන්නා බරපතල ලෙස තුවාල ලබා තිබේ.

වොෂිංටන් ප්‍රාන්ත ෂෙරිෆ්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ, අත්අඩංගුවට ගැනීමට පෙර තුවක්කුකරුවා සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී හඳුනාගෙන නොමැති ප්‍රහාරකයාද තුවාල ලබා ඇති බවයි.

ඒ අනුව, වෙඩි ප්‍රහාරයට ලක්වුණු සැකකරු සහ නිලධාරියෙකුද ප්‍රාදේශීය රෝහලකට රැගෙන ගොස් ඇත.

එක්සත් ජනපදයේ ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ දිගින් දිගටම සිදුවන සමූල මනුෂ්‍ය ඝාතන හේතුවෙනි.



Recommended Articles