ඇමෙරිකාවේ වයස අවු. 5-11 දරුවන්ට ෆයිසර් දීමට අවසර


ඇමෙරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 5-11 අතර දරුවන්ට ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ වසංගතයට එරෙහිව සටන් කිරීමේ මෙම වයස් කාණ්ඩය සඳහා අවසාන අනුමැතිය ලබාදෙමිනි.

එම එන්නත සඳහා පසුගිය සිකුරාදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් හදිසි අනුමැතිය ලබාදී තිබුණි.

කෙසේ වෙතත් ඇමෙරිකානු රජයද ඒ වනවිටත් වයස අවුරුදු 5-11 අතර ළමයින් සඳහා ප්‍රමාණවත් මාත්‍රාවක් ලබාගෙන රට පුරා එන්නත් තොග බෙදාහැරීමද ආරම්භ කර තිබුණි.



Recommended Articles