එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තය බලා ගමන් කරන නිවර්තන සුළි කුණාටුවක් නිසා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
බැරී සුළි කුණාටුව මෙක්සිකෝ බොක්කේ පසුගිය දින කිහිපය තුළ ඒකරාශී වෙමින් ලුසියානා ප්‍රාන්තය වෙත ඇදී එමින් තිබේ.
කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වනවිට පැයට කිලෝමීටර් 104ක් ඉක්මවූ සුළං ප්‍රවාහයක් සමග පවතින සුළි කුණාටුවේ සුළං වේගය එය ගොඩබිමට ඇතුළු වීමත් සමග තවත් වැඩිවනු ඇති බවයි.
එමෙන්ම, දැඩි සුළං සහ වර්ෂාවක් මෙම සුළි කුණාටුවත් සමග බලාපොරොත්තු විය හැකි අතර, නිව් ඔර්ලන්ස් නගරයේ මේ වනවිටත් දැඩි වර්ෂාපතනයක් සමග හදිසි ගංවතුර පවතින බව එරට කාලගුණ අංශ පවසයි.
එරට ජාතික කාලගුණ සේවාව අනතුරු අඟවා සිටින්නේ සුළි කුණටුවත් සමග ඇතිවන දැඩි වර්ෂාපතනය සමග වඩාත් ප්‍රබල හා භයනක ගංවතුර තත්ත්වයක් පිළිබඳවය.