ඇමෙරිකාවේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය


එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ සමලිංගික සමාජ ශාලාවක් තුළ තුවක්කුකරුවෙකු විසින් සෙනසුරාදා රාත්‍රියේ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් 18දෙනෙකු තුවාල ලබා ඇත.

සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන අතර තුවාල ලබා ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් හි ක්ලබ් Q, ෆේස්බුක් හි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "අපගේ ප්‍රජාවට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින බවත්, තුවක්කුකරු මෙල්ල කිරීමට කටයුතුකළ ගනුදෙනුකරුවන්ට ස්තූති කරන බවත්"ය.

2016 වසරේ ෆ්ලොරිඩාවේ සමලිංගික සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 49දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් පොලිසිය පැවසුවේ සෙනසුරාදා රාත්‍රී 11:57 ක්‍රියාකාරී වෙඩික්කරුවෙකු පිළිබඳ මූලික හදිසි ඇමතුමක් ලැබුණු බවයි.

මෙම ප්‍රහාරයට හේතුව තවදුරටත් විමර්ශනය කෙරෙන බව පොලීසිය පවසයි.



Recommended Articles