කුවේටයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය හමාඩ් ජාබර් අල්-අලි අල්-සබා සහ එක්සත් ජනපද සෙනෙට් සභික මිට් රොම්නි කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.
කුවේට් නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍යවරයා ආසාදිත බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව නිවසේ හුදකලාව සිටින බවත්, දුරස්ථව සිය නිල රාජකාරි කරගෙන යන බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර එක්සත් ජනපදයේ උටාහ් ප්‍රාන්තයේ සෙනට් සභික මිට් රොම්නිද වෛරසයට ධනාත්මක වී ඇතත්, ඔහු රෝග ලක්ෂණ නොමැතිව පසුවන බව ඔහුගේ කාර්යාලය පවසයි.
මූලික එන්නත් මාත්‍රා දෙක මෙන්ම, බූස්ටර් මාත්‍රාවද ලබාගෙන ඇති රොම්නි නිර්දේශිත කාලය සඳහා හුදකලා වී දුරස්ථව වැඩ කරන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කළේය. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ වෛරසයට ඍණාත්මක පරීක්ෂණයක් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙන්නේ දැනට භාවිතයේ පවතින එන්නත් ලබාගත් අයට පවා ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමට ඉඩක් පැවතියත්, එමගින් රෝගය උත්සන්න වීම හෝ දැඩි සත්කාර එක්කයකට යොමුවීමට ඇති හැකියාව සම්පූර්ණයෙන්ම පාහේ අවම කරන බවයි.