එක්සත් ජනපද සෙනෙට් සභික ලින්ඩ්සේ ග්රැහැම්, රුසියාව සහ බටහිර අතර පවතින ආතතීන් විසින් පිස්සු වට්ටා ඇති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ඇඟවුම් කළේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකානු දේශපාලනඥයා විසින් කරනලද යෝජනාවට පිළිතුරු දෙමිනි.
"මේ දිනවල සෑම කෙනෙකුටම සන්සුන්ව සිටිය නොහැකියි. සමහරුන්ට සිහිය නැති වී යනවා" පෙස්කොව් මාධ්‍ය හමුවකදී පැවසුවේ ෆොක්ස් නිව්ස් හි පෙනී සිටිමින් ග්රැහැම් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව වැඩිදුර අදහස් දක්වමිනි. ග්රැහැම් මෙම සාකච්ඡාව අතරතුර යෝජනා කළේ "රුසියාවේ කවුරුහරි" පූටින්ව මරා දැමිය යුතු බවයි.
පෙස්කොව් එක්සත් ජනපදය තුළ රුසියානු විරෝධී මනෝභාවයේ "උමතුවෙන් ඇවිස්සීම" පෙන්වා දුන්නේ එය "රුසෝෆෝබික් දියවීම" ලෙසිනි. සිකුරාදාට පෙර, වොෂිංටනයේ රුසියානු තානාපති ඇනටෝලි ඇන්ටනොව්, සෙනෙට් සභිකයාගේ අදහස් "බැහැර කළ යුතු සහ කෝපාවිෂ්ඨ" අදහසක් ලෙස හැඳින්වීය. ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් මොස්කව් එක්සත් ජනපදයෙන් නිල පැහැදිලි කිරීමක්ද ඉල්ලා සිටියේය.
රුසියාවේ යුක්රේනය ආක්‍රමණය අවසන් කිරීමට එකම මාර්ගය ලෙස ඔහු මෙලෙස පූටින් ඝාතනය යෝජනා කර තිබුණි. කෙසේ වෙතත් මෙම ඇමෙරිකානු සෙනට් සභිකයාගේ අදහස බටහිර ජාතීන් අතරම පුළුල් ලෙස හෙලාදැකීමට තුඩු දී තිබීමද විශේෂත්වයකි.