ඇමෙරිකාවේ පිහිටි හුවාවේ උප සමාගමක රැකියා 600ක් කපලා


හුවාවේ සමාගම තවදුරටත් අසාදු ලේඛනගත කිරීමට එරෙහිව එම සමාගමේ එක්සත් ජනපද පර්යේෂණ ඒකකය වන ෆියුචර්වෙයි සමාගමේ රැකියා 600ක් කප්පාදු කිරීමට චීනය පියවර ගෙන තිබේ.

එක්සත් ජනපදය විසින් එම සමාගමේ ව්‍යාපාර මෙහෙයුම්වලට සිදුකළ හානියට හිලව් ලෙස මෙම රැකියා කප්පාදුව සිදුකරන බව ඔවුන් පවසා තිබේ.

වොෂිංටනය විසින් පසුගිය මැයි මාසයේදී චීනයේ දැවැන්ත තාක්ෂණික සමාගම වන හුවාවේ සමාගම අසාදු ලේඛනගත කරමින් එහි සාමාන්‍ය මෙහෙයුම්වලට දැඩි බලපෑමක් ඇති කරන්නට විය.

විශේෂයෙන්ම හුවාවේ සමාගම චීනය වෙනුවෙන් ඔත්තු බලන බව පවසමින් මෙම ගැටුම ආරම්භ වූ අතර, එය වරින් වර ඔඩුදුවමින් දෙරට අතර වෙළෙඳ යුද්ධය දරුණු අතට හැරවීමටද සමත්විය.

එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ක්‍රියාත්මක වන ෆියුචර්වේයි සමාගම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක හුවාවේ සමාගමේ උප සමාගමකි.



Recommended Articles