එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ බ්‍රිජ්වෝටර් විද්‍යාලයේ සිදුව ඇති විවෘත වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය පොලීසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශනයක් ක්‍රියාත්මකයි.
මේ අතර, එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් එක් සිසුවෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව රිච්ෆීල්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය.
ඇමෙරිකාව තුළ ගිනිඅවි භාවිතයේ පවතින නිදහස සමග මෙවැනි විවෘත වෙඩි තැබීම් බොහෝ අවස්ථාවල වාර්තා වන අතර, මෙම නීති වෙනස්විය යුතු බවට විවිධ තර්ක විතර්ක කාලයක් පුරා ඇවිලෙමින් පවතී.