ඇමෙරිකාවේ ප්‍රාන්ත 15ක උසස් පාසල් හා විශ්වවිද්‍යාල ආශ්‍රිතව කොවිඩ් පැතිරීමක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කරමින් ඔවුන් අධ්‍යාපන ආයතන වෙත පැමිණීමත් සමග, එරට ප්‍රාන්ත 15ක මෙම අධ්‍යාපන ආයතන ආශ්‍රිතව කොවිඩ්-19 ආසාධිත සිසු සිසුවියන් වාර්තා වී තිබේ.

ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන්නේ, දැනට ප්‍රාන්ත 15ක් ලෙස සලකණු ලැබූවද, තවත් ප්‍රාන්තවල මෙවැනි සිදුවීම් තිබිය හැකි බවය.

ඒ අනුව, කොලරාඩෝ හි කොලරාඩෝ විද්‍යාලය, කනෙක්ටිකට් හි කනෙක්ටිකට් විශ්ව විද්‍යාලය, ජෝර්ජියා හි ජෝර්ජියා විශ්ව විද්‍යාලය, ඉන්දියානා හි නෝත්‍ර ඩෑම් විශ්ව විද්‍යාලය, අයෝවා හි අයෝවා රාජ්‍ය විශ්වවිද්‍යාලය, කැන්සාස් හි නම් නොකළ විද්‍යාලවල පොකුරු 5ක්, කෙන්ටකි හි කෙන්ටකි විශ්ව විද්‍යාලය සහ බටහිර කෙන්ටකි විශ්ව විද්‍යාලය, මැසචුසෙට්ස් හි බොස්ටන් විශ්ව විද්‍යාලය සහ එමර්සන් විද්‍යාලය, මිසිසිපි හි ඊසානදිග මිසිසිපි ප්‍රජා විද්‍යාලය සහ මිසිසිපි විශ්ව විද්‍යාලය, උතුරු කැරොලිනා හි නැගෙනහිර කැරොලිනා විශ්ව විද්‍යාලය, උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සහ චැපල් හිල් හි උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලය, ඔක්ලහෝමා හි ඔක්ලහෝමා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සහ ඔක්ලහෝමා විශ්ව විද්‍යාලය, පෙන්සිල්වේනියා හි පෙන්සල් විශ්ව විද්‍යාලය, ටෙනසි හි ටෙනසි ​​විශ්ව විද්‍යාලය, වර්ජිනියා හි වර්ජිනියා තාක්ෂණ විද්‍යාලය සහ බටහිර වර්ජිනියා හි බටහිර වර්ජිනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය ආදී අධ්‍යාපන ආයතන ආශ්‍රිතව මේ ආකාරයෙන් කොවිඩ්-19 ආසාදිත සිසු සිසුවියන් හමුවී තිබේ.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,572,538ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 175,000ක සීමාව කරා පැමිණි පසුබිමක මේ ආකාරයෙන් අධ්‍යාපන ආයතන ආශ්‍රිතවද ආසාදිත පොකුරු මතුව තිබේ.



Recommended Articles