ඇමෙරිකා එක්සත් ජනපදයේ, අයෝවා ප්‍රාන්තයේ ඇම්ස් ප්‍රදේශයේ දේවස්ථානයකින් පිටත සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු සහ වෙඩික්කරුවෙකු මිය ගිය බව ආරක්ෂක අංශ පවසයි.
ස්ටෝරි කවුන්ටි ෂෙරිෆ් කාර්යාලයට අනුව, ඇමේස් නගරයට ආසන්නයේ පිහිටි විශාල පල්ලියක් වන කෝනර්ස්ටෝන් පල්ලියෙන් පිටත පුද්ගලයින් තිදෙනා මියගොස් ඇත.
ෂෙරිෆ්ගේ කාර්යාලය වෙඩි තැබීම පිළිබඳ විස්තර ලබා නොදුන් නමුත් මාධ්‍ය වෙත පැවසුවේ ඔවුන්ට සිද්ධිය සම්බන්ධයෙන් බහුවිධ ඇමතුම් ලැබුණු බවයි.
ෂෙරිෆ් කාර්යාලය පවසන්නේ මහජනතාවට තවදුරටත් තර්ජනයක් නොමැති බවයි.
මේ අතර, ඇමෙරිකානු ගිනිඅවි භාවිතයේ තවත් ඛේදවාචකයක් ප්‍රකට කරමින් තමාට ප්‍රතිකාර කළ ශල්‍ය වෛද්‍යවරයා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කළ තුවක්කුකරුවෙකු පිළිබඳ ඊයේ වාර්තා වූයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා ප්‍රදේශයෙනි.
මෙම ප්‍රහාරකයාට මෑත කාලීන කොන්දේ සැත්කමකින් පසුවත් ඔහුට දැනුණු අඛණ්ඩ වේදනාව ගැන වෛද්‍යවරයාට දොස් පවරා මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔහු එම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර AR වර්ගයේ රයිෆලයක් මිලදී ගෙන ඇති බව පොලීසිය පැවසීය.
රෝගියා නැවත නැවතත් වේදනාව ගැන පැමිණිලි කරමින් සායනයට කතා කර තිබූ අතර, විශේෂයෙන් ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරයා ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය සිදුකර ඇත. පොලිසිය පැමිණෙන විට ඔහු සියදිවි නසාගෙන තිබේ.