ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත් ගැන උ.කොරියාව දෙහි කපයි


උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්හි හමුදාමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු කොරියාව චෝදනා කරයි.

එමෙන්ම න්‍යෂ්ටික අවිහරණය කිරීමේ සාකච්ඡා දීර්ඝ කාලයක් පුරා ඇනහිටීමට නිශ්චිත හේතුව වොෂිංටනයේ සතුරු ප්‍රතිපත්තිය බවටද ප්යොංයැන්ග් පාලනය චෝදනා කරයි.

උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලීමෙන් පැය කිහිපයකට පසු දකුණු කොරියාව පළමු වරට සබ්මැරීනයකින් දියත් කළ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීය.

වොෂිංටනය උතුරු කොරියානු අත්හදා බැලීම සිය අසල්වැසියන්ට තර්ජනයක් ලෙස හෙළා දකිමින් කියා සිටියේ එය "එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා කිහිපයක් උල්ලංඝනය කිරීමක්" බවයි. කෙසේ වෙතත්, දකුණු කොරියාව සබ්මැරීනයක සිට සිදුකළ මිසයිල අත්හදා බැලීමේදී ඇමෙරිකාව ඇස් කන් වසාගෙන සිටියේය.

"එක්සත් ජනපදය ආත්මාරක්ෂාව සඳහා වන අපගේ ක්‍රියාවන් ලෝක සාමයට සහ ඔවුන්ගේ සගයන්ට 'තර්ජන' ලෙස හඳුන්වන ද්විත්ව ගනුදෙනු මිනුම් දණ්ඩ ඉහළ ඔසවමින් කටයුතු කරනවා" උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් පැවසීය.

වොෂිංටනය උතුරට එරෙහි සිය සතුරු ප්‍රතිපත්තිය අත් නොහරින්නේ නම් මිසයිල ඉවත් කිරීමේ වචනය කිසි විටෙකත් මේසය මත තැබිය නොහැකි බව ඔහු අවධාරණය කළේය.



Recommended Articles