ඇමෙරිකාවේ දුම්රියක් තුළ වෙඩි තැබීමක් සිදුවෙලා


කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝ හි දුම්රියක් තුළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මුනි ෆොරස්ට් හිල් දුම්රිය ස්ථානයෙ හි වෙඩි තැබීමේ වාර්තා වන අතර, ඊට සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිසිය ප්‍රතිචාර දක්වා තිබේ.

දුම්රිය කැස්ත්‍රෝ දුම්රිය ස්ථානය බලා පිටත්ව යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, පසුව පොලීසිය මියගිය අය සොයාගෙන ඇත.

එක් අයෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සහිතව සැන් ෆ්‍රැන්සිස්කෝ මහ රෝහලට ගෙන ගිය බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම මෙම ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු කැස්ත්‍රෝහිදී දුම්රියෙන් පැන ගිය අතර තවමත් නිදැල්ලේ සිටි බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම අහඹුවක් නොවන බව සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල් හි වාර්තාවකට අනුව සැකකාර වෙඩික්කරු සහ මියගිය අයගෙන් එක් අයෙකු වෙඩි තැබීමට පෙර ආරවුලක් ඇති කර ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

"අපේ රට තුවක්කු නිදහසේ භාවිතය තහනම් කරන තාක් කල්, ඕනෑම තැනක, ඕනෑම වේලාවක වෙඩි තැබීම් සිදුවිය හැකි බවට එය තවත් මතක් කිරීමක්" යැයි ප්‍රාන්ත සෙනෙට් සභික ස්කොට් වීනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.



Recommended Articles