ඇමෙරිකාවේ දිනක කොවිඩ් මරණ 1,736ක් වාර්තා වෙලා


ඇමෙරිකා එක්සත් ජනපදයේ දිනක් තුළ වැඩිම කොවිඩ්-19 මරණ වාර්තා වෙමින්, ගෙවීගිය පැය 24 තුළ මරණ 1,736ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි මේ වනවිට ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ 12,844ක් ලෙස සටහන් වෙයි.

එමෙන්ම මේ දක්වා එරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 4කට ආසන්න වෙමින්, 398,185ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර එරට නව කොරෝනා වෛරසයේ වැඩිම මරණ වාර්තා වූයේ පසුගිය 4 වැනිදාය. එම අගය 1,344ක් විය.

කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ අපිකේන්ද්‍රය බවට මේ වනවිට ඇමෙරිකාව පත්ව ඇති අතර, කොවිඩ් ආසාදනය වීමෙන් නිවෙස් තුළ සිදුව වාර්තා නොවූ මරණද ඔවුන් මේ වනවිට ගණනය කරන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

 



Recommended Articles