ඇමෙරිකාවේ තවත් සමූහ වෙඩි තැබීමකින් 4ක් මරුට


ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ, ටුල්සා හි වෛද්‍ය ගොඩනැගිල්ලක් තුළ රයිෆලයක් සහ අත් තුවක්කුවක් සමග සන්නද්ධ පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට තුළ නවතම සමූහ වෙඩි තැබීමක් ලෙස පොලීසිය මෙය විමර්ශනය කරන අතර, ප්‍රහාරයෙන් පසුව වෙඩික්කරුද සියදිවි හානිකර ගෙන ඇති බව විශ්වාස කරන්නේ යැයි, නියෝජ්‍ය පොලිස් ප්‍රධානී ජොනතන් බෲක්ස් ශාන්ත ෆ්‍රැන්සිස් රෝහල් පරිශ්‍රයෙන් පිටත වාර්තාකරුවන්ට පැවසීය.

බෲක්ස් පැවසුවේ, පොලිසිය මෙම පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනා ගැනීමට කිරීමට උත්සාහ කරන නමුත් ඔහු වයස අවුරුදු 35 ත් 40 ත් අතර අයෙකු ලෙස දැනට පැවසිය හැකි බවයි.

තවත් නියෝජ්‍ය පොලිස් ප්‍රධානියෙකු වන එරික් ඩැල්ගෙයිෂ් පැවසුවේ වින්දිතයින් අතර සේවකයින් සහ රෝගීන් සිටින බව තමා විශ්වාස කරන බවයි.



Recommended Articles