ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට


එක්සත් ජනපදයේ, කැලිෆෝනියා ප්‍රදේශයේ සෙනසුරාදා අලුයම සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.

ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ සාජන්ට් ෆ්‍රෑන්ක් ප්‍රෙසියාඩෝ විසින් මෙම වෙඩි තැබීම තහවුරු කරමින් අලුයම 2.30ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව කියයි.

වෙඩි වැදුණු හත් දෙනාගෙන් හතර දෙනෙකු එළිමහනේ සිටි අය වන අතර, මියගිය තිදෙනා වාහනයක සිටි අය බවද පොලීසිය පවසයි.

ඔවුන්ගේ අනන්‍යතාව හෙළිදරව් කර නැත. තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

ප්‍රෙසියාඩෝ පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, සැකකරු හෝ සැකකරුවන් අත්අඩංගුවේ සිටීද යන්න පැහැදිලි නැත.



Recommended Articles