ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි ප්රචණ්ඩත්වය පාලනය සඳහා වූ ව්‍යාපෘති වෙනුවෙන් අධිකරණ දෙපාර්තමේන්තුව වෙත ඇ.ඩො.මිලියන 231ක් ලබාදෙන බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
2018 වසරේ ෆ්ලොරීඩාවේ පාර්ක්ලන්ඩ් උසස් විද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 17දෙනෙකු මියයාමේ සිද්ධියේ පස්වැනි සිහිකැඳවීම සිදුවන අවස්ථාවේදී මෙම නිවේදනය කිරීමද විශේෂත්වයකි.
තීව්ර අවදානම් ආරක්ෂණ නියෝග හෝ රතු කොඩි නීති මගින් පාර්ක්ලන්ඩ් හෝ ඒ ආකාරයේ වෙනත් දරුණු අපරාධ මැඬලිය හැකි බවද බයිඩන් සිය ප්‍රකාශයෙන් පෙන්වා දී ඇත.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති ඇ.ඩො.මිලියන 231ක මෙම අරමුදල එරට සියලුම ප්‍රාන්ත වෙත මුදාහැරීමට නියමිතව තිබේ.