ඇමෙරිකාවේ කොවිඩ් මරණ නොවැම්බරයට 208,000ක්ලු


වොෂිංටන් විශ්ව විද්‍යාලය විසින් එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසයෙන් කොපමණ පිරිසක් මිය යා හැකිද යන්න පිළිබඳ ප්‍රක්ෂේපණය නොවැම්බර් 1දා දක්වා දීර්ඝ කර ඇති අතර, වර්තමාන තත්ත්වය මත පදනම්ව ඒ වනවිට අවම වශයෙන් 208,255ක් මිය යන බව පුරෝකථනය කර තිබේ.

නමුත් ජනගහනයෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණයක් පැළඳුවහොත් එම සංඛ්‍යාව දළ වශයෙන් 162,808ක් දක්වා පහත වැටෙනු ඇතැයි විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනය (IHME) පැවසීය.

වර්තමාන තත්ත්වය මත පදනම්ව, පසුගිය සතියේ, IHME ඔක්තෝබර් 1දා වනවිට සමස්ත මරණ 175,168ක් පමණ පුරෝකථනය කර ඇත. නමුත් සෑම කෙනෙකුම පාහේ මුහුණු ආවරණයක් පැළඳ සිටී නම්, එම සංඛ්‍යාව 150,000ක් ඉක්මවා යනු ඇති බවද එම ගණනය කිරීම් වැඩිදුරටත් දක්වයි.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 30 සීමාවට පැමිණ ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව අද (08දා) උදෑසන එම අගය දැක්වුණේ 2,994,223ක් ලෙසිනි. එමෙන්ම මේ වනවිට ඇමෙරිකාවේ සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 131,599ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles