ඇමෙරිකාවේ කොවිඩ් මරණ ඔක්තෝබර් 1ට ලක්ෂ 2ක්ලු


කොවිඩ්-19 මරණ අනාවැකි පළ කරමින්, එය සමීපව නිරීක්ෂණය කරනලද ආකෘතියක් පුරෝකථනය කර ඇත්තේ ඔක්තෝබර් 1 වනවිට එක්සත් ජනපදයේ මරණ 201,000කට වැඩි ප්‍රමාණයක් සිදුවනු ඇති බවයි.

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දෛනික මරණ සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යාමත් සමග සමස්ත අගය පහළ යෑම දුෂ්කර වනු ඇති බවට එම ප්‍රක්ෂේපණයන් දිගටම පෙන්නුම් කරයි.

පසුගිය සතියේ, වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ ආකෘතිය, මෙම කාලය වනවිට 170,000ක් මියයන බවට පුරෝකථනය කර ඇත. වසංගතයේ මුල් අවධියේදී ධවල මන්දිරය විසින් මෙම ආකෘතිය බොහෝ විට උපුටා දක්වන ලද අතර, එය දැනට එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වෙබ් අඩවියේ දැක්වෙන ආකෘති 19න් එකකි.



Recommended Articles