ඇමෙරිකාවේ කොවිඩ් මරණ 160,000ක් ඉක්මවා ගිහින්


එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 160,000 ඉක්මවා ඇති අතර රට පුරා මිලියන 5කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට ලෝකයේ සමස්ත ආසාදිතයන්ගෙන් හතරෙන් එකක් පමණ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

එම දත්තවලට අනුව අද (08දා) උදෑසන වනවිට වසංගතයෙන් ඇමෙරිකාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 161,052කි.

එමෙන්ම එක්සත් ජනපදය තුළ වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,937,441ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

ඇමෙරිකාව පසුගිය කාලය පුරාවට වෛරසයේ අඛණ්ඩව වර්ධනයක් වාර්තා කරන අතර, ඇතැම් ප්‍රාන්තවල රෝහල් දැඩි සත්කාර ඒකක පිරී ඉතිරී ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

වෛරසය පාලනය කරගැනීම වෙනුවට, එකිනෙකාට අවලාද නගා ගැනීමක් පමණක් ඇමෙරිකානු නායකයාගෙන් මේ වනවිට ගම්‍ය වන අතර, ඔහුගේ එකම නියමය වෛරසය සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් නමැති මැලේරියා ඖෂධය භාවිත කිරීමය. නමුත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද කොවිඩ්-19 රෝගීන් සඳහා භාවිතය තහනම් කළ ඖෂධයකි.



Recommended Articles